රේකි යනු කුමක්ද?

“රේකි” ජපානයේ විසු ආචාර්ය මිකාඕ උසුයි මහතා විසින් 1920 දී නව ලොවට හදුන්වා දුන් විශ්ව ශක්ති පදනම් කරගත් සුවපත් කෙරීමේ ක්‍රම වෙදයකි. ඔහුගේ පළමු සයනය අරඹන ලද්දේ 1921 වසරේදීය. රේකි යන පදය ජපන් භාෂාවේ එන “කන්ජි” නමින් හදුන්වන සංකේත අක්ෂර දෙකක එකතුවකි. වර්තමානයේදී “රේ” යන කන්ජියෙන් අදහස් කරන්නේ විශ්ව ශක්ති ක්‍ෂ්ත්‍රය යන්නයි. “කී” යන කන්ජියෙන් අදහස් කරන්නේ “රේ” යන විශ්ව ශක්ති  ක්‍ෂ්ත්‍රයෙන් සුවපත් කිරීම සදහා යොදා ගනු ලබන සියුම් ශක්තියයි. මේ අනුව රෙකී යනු විශ්ව ශක්තියයි. බෞද්ධ මතවාදයට අනුව විශ්ව ශක්තිය සකස් වී ඇත්තේ පඨවී (ඝන බව), ආපෝ (දියර ස්වභාවය), තේජෝ (උණුසුම) වයෝ (වායුව) යන මූල ශක්ති හතරෙනි. ඉර, සඳ, තරු, පොලොව, මනුෂ්‍යයා, වෙනත් සත්වයින්  සහ ගස්වැල් ඇතුළු සියළු දෙයෙහිම දක්නට ඇත්තේ මෙම මූලික ශක්ති සතරයි. එහෙත් ඒවායේ සංයුතිය වෙනස් මාත්‍රාවලින් යුක්තව ඇති නිසා විවිධ  හැඩතල ලබා ඇත.

ශක්තිය නිතරම කම්පන ස්වරූපයෙන් ඇත. ඒනිසා විශ්වය නිරන්තරයෙන් වෙනස් වීමකට ලක්වේ. මේ අනුව මනුෂ්‍යයා ඇතුළු විශ්වයේ ඇති සියලු දෙයම නිරන්තර වෙනස් වීමකට ලක්වේ.

මා අයත්වන්නේ රේකී ජින් කෙයි ඩො ගුරුකුලයට යි. ඒ පිළිබද විස්තරයක් පහතින් දක්වමි.

ජපන් බසේ එන ඛන්ජි තුනක් ලෙස ජින් කෙයි ඩො දක්වයි. ‘ජින්’ යන්නෙන් අදහස් කරන්නේ මෛත්‍රී සහගත කරුණාවයි. කෙයි යන්නෙන් අදහස් කරන්නේ ප්‍රඥාවයි. ‘ඩො’ යන්නට අරුත්ගන්වා ඈත්තේ මාර්ගය ලෙසයි. (මෙහිදී පළමුවෙන් මෙත් සහිත කරුණාව ඈතිකරගත යුත්තේ තමාට්මය. ) ඉහත අදහස කෑටිකොට ගත්විට ජින් කේ ඩො යනු මෛත්‍රී සහගත කරුණාවෙන් යුතු වූ පුද්ගලයකු ප්‍රඥාවෙන් යුතුව ගමන් ගන්නා මාර්ගයයි.

මේ හෑර ආචාර්ය මිකාඕ උසුයි විසින් හදුන්වා දී ඈති ප්‍රතිපත්ති පහ වඩාත් අධ්‍යාත්මික නෑඹුරුවකින් යුතුව ඉදිරිපත් කිරීමක් රේකී ජින් කෙයි ඩො ගුරුකුලය විසින් ඉදිරිපත් කොට ඈත.ඒ අනුව මෙම ගුරුකුලයේ අය විසින් පිළිපෑදිය යුතු කරුණු සෑකෙවින් දක්වමි. මෙය අනුගමනය කරන්නන්
දිනපතා සෑම මොහොතකම සිහියෙන් යුතුව සිටිය යුතුය.
එසේ අවශ්‍යවන්නේ….

1- නිරන්තරයෙන් සිතතුළ ඇතිවන ලෝභය, ද්වේශය සහ මෝහයේ ස්වභාවය පිළිඹදව ගැඹුරින් විමසා බැලීමටය.

2- සියළු ජීවීන් කෙරෙහි මෙත් සහගතව සිටීමට හැකිවන සේ ජීවිතය ලැබීම නිසා, ඊට කෘතවේදීව සිටීමට.

3- මා ලත් ජීවිතය නිවැරදිව හා අවංකව පවත්වා ගැනීමට,

4- නිරන්තරයෙන් මනසේ සහ භෞතික ශරීරයේ ඇතිවන වෙකස්වීම් දෙන හදුනාගැනීමට සහ

5- විශ්වයේ ස්වභාවය හා එක්වෙමින් විශ්ව ශක්තිය තමා තුළ ගලායන ආකාරය හදුනා ගැනීමට ය.

ඉහත කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමුකොට ක්‍රියාකිරීමෙන් ඔබගේ මනස සහ ශරීරයේ යහපත් වෙනසක් ඇතිවී ඔබ සුවපත් වනු ඇත.

මේ නිසා ජින් කෙයි ඩො යනු රේකී යන්නෙන් මේ නිසා ජින් කෙයි ඩො යනු රේකී යන්නෙන් අදහස් කරන රෝගීන් සුවපත් කරන ක්‍රමවේදයක් පමණක් නොව තම අධ්‍යාත්මය දියුණු කරගෙන සසරින් එතෙරවීමට යොදාගත හැකි මාර්ගයක් ද වේ.

ජාත්‍යන්තර තත්වය

රේකි යනු ජාත්‍යන්තරව පිළිගත් විකල්ප වෛද්‍ය ක්‍රමයකි. වෛද්‍ය කර්මය ඉතා දියුණු බටහිර රටවල සහ ආසියානු රටවලද මේ ක්‍රමය පැතිර ඇත. අද එය එම රටවල ප්‍රධාන ආරෝග්‍ය ශාලා වලද භාවිත කරන උපකාරක වෛද්‍ය සේවයක් ලෙස භාවිත වේ. වැඩි විස්තර සඳහා පිවිසෙන්නwww.centerforreikiresearch.org/downloads/hospitallisttable.pdf
රේකී කිසිදු ආගමකට අයත් නොවේ. එහෙත් එය අතිතයේදී බෞද්ධ වටපිටාවක නිර්මාණය වූ බව අද පිළිගෙන තිබේ. අතිතයේදී නේපාලයේ සහ ටිබේටයේ බෞද්ධ භික්ෂුන් අතර “බුද්ධෝ” නමින් යොදාගත් සුවපත් කිරිඉමේ ක්‍රමවේදයක් තිබු බවද තහවුරු වී ඇත.

ඡායා රූ

untitled

රන්මුතුගල වැඩිහිටි නිවාසයේ පැවති රේකී ප්‍රතිකාරක වැඩසටහන
2014-05-31

කණ්ඩායම් ප‍්‍රතිකාරයක්
CAM00439

20140531-0012

20140531-0008 (1)

මා පිළිබඳව…

විජයසේන ගංගොඩගේ

රේකි ජින් කෙයි ඩො විශේෂඥ
විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂක
ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවය – පළමු පන්තිය



මීළඟ රේකි පුහුණු පන්ති පැවැත්වීම

ජුනි මස දෙවෙනි සති අන්තය වන 13 සහ 14 දෙදින.

ජුලි මස දෙවෙනි සති අන්තය වන 11 සහ 12 දෙදින.

මේ වන විට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් 70කට අධික ප්‍රමාණයක් පළමු පෙළ හදාරා රේකී ශිල්පීන් ලෙස ප්‍රතිකාර කිරීමට එක්වී ඇත.

2005/12/19 දින ඩේලි න්ව්ස්(Daily News) හි පල වූ පුවත