සුවපත් කිරීම

සුවපත් කිරීමක් අවශ්‍ය වන්නේ යමක ප්‍රකෘති ස්වරුපය වෙනස් වූ විටය. එවැනි වෙනසක් මිනිසාට දැනෙන විට ඔහුට එක්වරම සිතෙන්නේ යම් අපහසුතාවක්, රෝගයක් ඔහුට ඇති වී ඇති බවයි. මිනිසාට මෙම වෙනස්කම් ඇති වීමට අභ්‍යන්තර මෙන්ම භාහිර හේතුද බලපා ඇත.

මිනිසා සිය ආහාරයට ගන්නා ආහාර පාන වර්ග මෙන්ම ඔහුගේ මානසික තත්වයන්ද අභ්‍යන්තර වශයෙන් බලපාන සධකයි. මෙහිදී ඔහු ගන්නා ආහාර වල අන්තර් ගතව තිබු විෂ ශරීරයේ යම් යම් ස්ථාන වල තැන්පත් වීම නිසාද මනසේ ඇතිවන අහිතකර සිතිවිලි හෙතුවෙන් හටගන්නා විෂද පෙර සේම තැන්පත් වීම මීට හේතු වේ.

භාහිර වශයෙන් පරිසරයේ ඇති විවිධ දුෂිත වායු වර්ග මෙන්ම විකිරණ ශීලි ද්‍රව්‍ය මිනිස් සිරුරට ඇති කරන බලපෑමද යටකී ලෙස ශරීරයේ විෂ ඒකරාශී වීමට හේතු වේ. මේ විෂ ස්ඵටික ආකාරයට තැන්පත් වන බව සොයාගෙන ඇත.
මේ නිසා ශරීර අභ්‍යන්තරයේ විශ්ව ශක්තිය නිදහසේ ගලා යමින් නීරෝගි තත්වයෙන් සිටීමට මේම තැන්පත් වීම් බාධා ඇති කරවයි. විශේෂයෙන් මේ නිසා ස්වයංක්‍රීයව ශරීරය තුල විවිධ හො(ර්)මෝන වර්ග නිපදවන ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය දුර්වල කරයි. මේ නිසා එම හො(ර්)මෝන නිසා ක්‍රියාත්මක වන විවිද ඉන්ද්‍රියන්ගේ දුර්වලතාවයන් මතු වේ. මේ මගින් ශරීරය තුල ඇති වන අපහසුතා නිරෝගී තත්වයට අහිතකර ලෙස බලපාන හෙයින් අපට යම් රෝගයක් වැලදී ඇති බවට නිගමනය කීරීමට අප පෙළඹී ඇත.

ශරීරය තුල තැන්පත්ව ඇති මෙම විෂ ඉවත් කිරීමට “කී” නම් සියුම් ශක්තියට පිළිවන. “රේ” නම් විශ්ව ශක්ති ක්ෂේත්‍රයෙන් ලබා ගන්නා මෙම සියුම් ශක්තිය තුල ඇත්තේ ශරීරයේ පවත්නා කම්පන රටාවට වඩා ප්‍රබල වූ කම්පන රටාවකි. එම නිසා ප්‍රබල කම්පනයකින් තැන්පත් වූ විෂ ඉවත් කිරීමට “කී” ශක්තියට හැකි වී ඇත. මේ නිසා ශරීරය තුල පැවතිය යුතු වූ කම්පන රටාව නැවත ඇති කිරීම සිදුවේ. එවිට රොගී ස්වභාවය ඉවත්වේ.

රේකි ක්‍රමයෙන් ඇති වන වාසි

  • විෂ දියකර හැරීමට උපකාරීවන​ වතුර වීදුරුවක් හරුනු විට වෙනත් කිසිදු ඖෂධයක් ලබා නොදේ.
  • ඖෂධ ලබා නොදීම නිසා ඖෂධ භාවිතයේදී ඇති විය හැකි අතුරු ආභාද ඇති නොවේ
  • වෙනත් ප්‍රතිකාර අතරතුර මෙම ක්‍රමය යොදා ගැනීමෙන් රෝගියාට කිසිදු හානියක් ඇති නොවේ
  • නිර්මාණික ශක්තියක් නිසා යහපතක් මිස කිසිදු අවැඩක් ඇති නොවේ.
  • දින පහක් තුලදී යම් ආකාරයක සහනයක්, ප්‍රථිපලයක් දැකිමට පුළුවන (සමහරුනට තෙවැනි දිනයේම වෙනස වැටහේ)
  • රෙකි ශක්තියෙන් රෝගියා මෙන්ම ශිල්පියාද ආරක්ෂා කෙරේ
  • පුද්ගලයෙකුගේ භෞතික මෙන්ම මානසික ශක්තියද වර්ධනය කෙරේ
  • මෙය මිනිසාට පමණක් නොව වෙනත් සතුනට හා ගස් වැල් වල වර්ධනයටද උපකරීවේ

මා පිළිබඳව…

විජයසේන ගංගොඩගේ

රේකි ජින් කෙයි ඩො විශේෂඥ
විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂක
ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවය – පළමු පන්තිය



මීළඟ රේකි පුහුණු පන්ති පැවැත්වීම

ජුනි මස දෙවෙනි සති අන්තය වන 13 සහ 14 දෙදින.

ජුලි මස දෙවෙනි සති අන්තය වන 11 සහ 12 දෙදින.

මේ වන විට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් 70කට අධික ප්‍රමාණයක් පළමු පෙළ හදාරා රේකී ශිල්පීන් ලෙස ප්‍රතිකාර කිරීමට එක්වී ඇත.

2005/12/19 දින ඩේලි න්ව්ස්(Daily News) හි පල වූ පුවත