ප්‍රතිකාරය

ප්‍රතිකාරයක් කරමින්

ඉහල ප්‍රතිපල ලබා ගැනීම සදහා පැය විසිහතරකට වරක් බැගින් දින පහක් අඛණ්ඩව ප්‍රතිකාර ගැනීම යහපත් වේ. දින කිහිපයකට වරක් කෙරෙන ප්‍රතිකාරය එතරම් ප්‍රථිපල දායක නොවේ.
කල්ගතව ගිය රෝගයකට ප්‍රතිකාර කිරීමේදී මුලික දින පහට අමතරව ප්‍රතිකාර කෙරීමට ගතවන කාලය ඔහුගේ වයස හා රෝගයේ ස්වභාවය අනුව තීරණය වේ. මීට අමතරව පුද්ගලයාගේ සිරුර තුල එක රැස් වූ විෂ ප්‍රමාණයද ප්‍රතිකාර දින ගණන කෙරෙහි බලපෑමක් ඇති කරයි. ස්කෑන් පරීක්ෂණයක් සඳහා දින 12ක ප්‍රතිකාරයක් අවශ්‍යය වේ

සුවපත් කිරීමේදී අදහස් කරන්නේ කවරා කරුණක් කෙරෙහිදැයි සොයාබැලීම වැදගත් වේ.

මෙයට පෙර නිවස පිටුවේ දක්වා ඇති මූලික ශක්ති හතර වන mater, water, heat and air පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ යන ධාතූන් ට වර්ණ, ඝන්ධ, රස, ඕජා නම් තවත් අ0ග හතරක් එක්වී එමගින් සියලු භෞතික රූප සකස් වේ. බුදු දහමේ දී මෙසේ ණිර්මාණය වන රූප හදුන්වන්නේ රූප කලාප ලෙසය.

එහෙත් සත්වයකු බිහිවීමට නක් සිතක් ඇතිවිය යුතුය. සිත් ඇති කිරීමට සත්වයකු තුළ ශරීරය, ඇස, කණ්, නාසය සහ දිව යන ඉන්ද්‍රිය තිබිය යුතුය. මෙම ඉන්ද්‍රියට බාහිර යමක් ස්පර්ශවීමෙන් හෝ ගැටීමෙන් ‘සිත්’ ඇති වේ.මේ සියල්ලම සත්ත්වයකු ඉහිකරන රූප කළාපයක බිහිවීමට බලපායි.

මෙම සිතක් සහිත සත්වයාගේ නිර්මාණය ගැන බටහිර මතය වන්නේ, කෙවනටම් (Quntum Physics) මතවාදය අනුව පරමාණුව මූලික වන බවයි. ජීව විද්‍යාවට අනුව එය ජීවයක් සහිත සෛලය යි. මෙම පරමාණුවේත් ජීව සෛල ගොඩනැගීමේදීත් අංග කිහිපයක එකතුවක් ඒවායේ ද ඇති බව පෙන්වයි.

බුදු දහමේ රූප කළාපයක් යනු මූලික ශක්ති අටකින් ‘සිත්’ නැඋඇති අංගය ද එක් වූ එකකි. රූප කලාපයකට ඇතුලු විය හැකි සිත් ප්‍රමාණය අවම ලෙස එකක් හෝ උපරිම ලෙස පහක් වේ. මේ නිස රූප කලපයක් අංග නවයක් හෝ උපරිම ලෙස අංග දහතුනක් හෝ ඒ අතර ප්‍රමාණයකින් සත්ත්වයකු නිමවීමට අවශ්‍ය රූප කලාපයක් සැකසේ.මෙවැනි රූපකළාප අති විශාලයක එකතුවකින් සත්ත්වයකු බිහිවේ.

එසේ නම් රෝග සුවපත් කිරීමේදී අප වඩාත් සැළකිල්ලට ගත යුතු අංගයවන්නේ, මේ ජීවයක් සහිත සෛලය හෝ සිත් සහිත රූප කලාපය යි. ජීවයක් සහිත සෛලයක අනිවාර්යයෙන් සිතක් ද ඇත. මේවායේ – සෛලයේ නිරන්තරව සිදුවන ඇතිවීම පැවතීම හා නැතිවීම ගැන ද අප සැළකිල්ලට ගත යුතුය. මේවායේ පැවැත්මට ආහාර අවශ්‍ය ය. මේ සෛල හෝ රූප කලාපවල පෝෂණය මත සත්ත්වයගේ නිරෝගීකම රඳාපවතී. මේ සඳහා සත්වයකු කටින් ගන්නා ආහාර මෙන්ම මනසට ලබා ගන්නා ආහාර ද වැදගත් වේ.

මෙසේ ලබාගන්නා ආහාර පාන වර්ගවලින් ශරීරය තුළට විෂ එකතු විය හැක. එසේ එකතුවන විෂ නිසා සෛල වල හෝ රූප කලාපවල පෝෂණ තත්ත්වයන්ට බලපෑම් ඇතිකල හැක. එසේම මනසේ පෝෂණයට ලබාගන්නා විවිධ හැඟීම් දැනීම් ඔස්සේ මනසේ යහ පැවැත්මට හිතකර මෙන්ම අහිතකර තත්ත්වයන්ද ඇතිකළ හැකිය.
මේ අනුව ඇතුළුවන විෂ හේතුවෙන් ඇතිවන අහිතකර තත්ත්වයන් (රෝග) සුවකිරීම සඳහා විශ්වයෙන් ලබාගන්නා අති ප්‍රබල ‘කී’ නම් ශක්තිය යොදාගැනේ.

මේ ශක්තිය ඇතුලු කරන ප්‍රධාන ස්ථාන හත ‘චක්‍ර’ ලෙස හඳුන්වයි. මේ චක්‍ර ආශ්‍රිතව ශරීරය තුළ ස්වයංක්‍රීයව හෝර්මෝන නිපදවන ග්‍රන්ථි සහ වෙනත් වැදගත් ඉන්ද්‍රියයන් පිහිටා ඇත. මේ නිසා චක්‍රවලට කෙරෙන ප්‍රතිකාරයෙන් ස්ඵටිකාකාරව තැන්පත්ව ඇති විෂ ඉවත් වී ප්‍රධාන ග්‍රන්තීන් මෙන්ම ඉන්ද්‍රියයන්ද ශක්තිමත්කර පුද්ගලයා ද නිරෝගිමත් කරයි. එවිට සිදුවන්නේ ශරීරය තුළ පිහිටා ඇති අප්‍රමාණ සෛල හෝ රූපකලාප ශක්තිමත් වීමයි. අවසාන වශයෙන් රෝගී වූ සත්ත්වයා නිරෝගී බවට පත්වේ.

මා පිළිබඳව…

විජයසේන ගංගොඩගේ

රේකි ජින් කෙයි ඩො විශේෂඥ
විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂක
ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවය – පළමු පන්තිය



මීළඟ රේකි පුහුණු පන්ති පැවැත්වීම

ජුනි මස දෙවෙනි සති අන්තය වන 13 සහ 14 දෙදින.

ජුලි මස දෙවෙනි සති අන්තය වන 11 සහ 12 දෙදින.

මේ වන විට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් 70කට අධික ප්‍රමාණයක් පළමු පෙළ හදාරා රේකී ශිල්පීන් ලෙස ප්‍රතිකාර කිරීමට එක්වී ඇත.

2005/12/19 දින ඩේලි න්ව්ස්(Daily News) හි පල වූ පුවත